අංක 748, වඩුවේගම, මල්වාන ලිපිනයේ පදිංචි සිවු හැවිරිදි මනුලි මහීමා දැරිය දැනට දරුණු ලියුකේමියා තත්ත්වයක් නිසා මහරගම පිළිකා රෝහලේ 16 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඇයට පවතින ලියුකේමියා තත්ත්වය සුව කරගැනීමට හැකි ඉක්මනින් ඇටමිදුළු බද්ධයක් සිදුකළ යුතු බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ටී. ස්කන්ධරාජ් මහතා නිර්දේශ කර තිබේ.
මේ සඳහා අවශ්‍ය පහසුකම් ලංකාවේ නොමැති බවත්, ඉන්දියාවේ රෝහලකදී එය සිදුකළ යුතු බවත්, ඊට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් මහීමාගේ දෙමාපියෝ ප්‍රකාශ කරති.
මෙම මුදල තනිව සොයාගැනීමට අපහසු නිසා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය එම දෙමවුපියෝ අපේක්ෂා කරති. ඒ අනුව ඇයට උපකාර කිරීමට කැමති අය වෙතොත් සිය ආධාර මුදල් මහජන බැංකුවේ මල්වාන ශාඛාවේ අංක 191-2-001-5-0011282 ගිණුමට බැරකරන ලෙස මනුලි මහීමා දියණියගේ පියා වන අජිත් ප්‍රියන්ත ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0767 548 157 හා 0766 525 221 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.