ජනප්‍රිය ඉන්දීය නිළි ඓශ්වර්යා රායි සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණේ යැයි පවසන ශ්‍රී ලාංකිකයකු කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, ඉන්දීය සුපිරි නළු අභිෂේක් බච්චන් සමග විවාහ වීමෙන් තමා පත් වූ මානසික ව්‍යාකූල තත්ත්වයකට වන්දි ලෙස ඓශ්වර්යාට රායිට එරෙහිව නඩුවක් පවරා තමාට වන්දි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17 ට අධික මුදල් තම ඥාති පුත්‍රයකු වංචා කළ බව ප්‍රකාශ කොට ඇත.
මෙම සිද්ධිය තම ඥාති පුත්‍රයකුට දැන් වූ විට මේ සඳහා නිළි ඓශ්වර්යාට එරෙහිව නඩුවක් පවරා විශාල වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාවක් ඇති බවට පැවසූ බවත් ඒ අනුව නීතිඥයෙකු ලබා එම නඩු කෘතය සිදුකිරීමට රු.ලක්ෂ 17 පමණ වැය වන බව ප්‍රකාශ කළ බව ඔහු පවසා ඇත.
ඒ අනුව පැමිණිලිකරු, සැකකරු වන රොෂාන් අජිත් නැමැත්තාට රුපියල් 17,48 500 මුදලක් ගෙවූ නමුත් තමාට සිදු කළ පොරොන්දුව ඉටු නොකළ බවත් චෝදනා කර සිටියි.