ශ්‍රී ලංකා ආණ්ඩුව යටතේ පාලනය වන එයාර් ලංකා ආයතනයේ වසරක පාඩුව රුපියල් බිලියන 70ක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ අගලවත්ත ශ්‍රවණාගාරයේදී ඊයේ (02දා) පැවති ජනහමුවකදීය.
එසේම මේ වනවිට ජනපතිවරයාගේ දිනක වියදම කෝටි 2.5ක් දක්වා වර්ධනය වී ඇති බවත් එහෙයින් ජනතාවට බදු බර පැටවීමට කිරිපිටි කිලෝවකට පමණක් රුපියල් 400ක බද්දක් පනවා ඇතැයිද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ප්‍රේමතිලක පෙරමුණ