දකුණු පළාත් සභා විපක්ෂ නායක ලෙස තෙන්නකෝන් නිලමේ මහතාත්, බස්නාහිර පළාත් විපක්ෂ නායකවරයා ලෙස මංජු ශ්රී අරංගල මහතාත් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය ඊයේ (03දා) තීරණය කර තිබේ.
මීට අමතරව මෙම පළාත් සභා දෙක සඳහා ප්රධාන සංවිධායකවරුන් දෙදෙනාද පත්කර ඇති අතර, ඒ අනුව බස්නාහිර පළාත් විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස හර්ෂණ රාජකරුණා මහතාත්, දකුණු පළාත් සභා ප්රධාන සංවිධායක ලෙස බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාත් පත්කර ඇත. මංජු ශ්රී අරංගල මහතා මීට පෙර පළාත් සභා පාලන කාලයේදීද විපක්ෂ නායක තනතුර දැරූ අතර, දකුණු පළාත් සභා විපක්ෂ නායකවරයා ලෙස පත්කර ඇති තෙන්නකෝන් නිලමේ මහතා පෙර පළාත් සභාවේ ප්රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබේ.
මංජු ශ්රී අරංගල මහතා කොළඹ දිස්ත්රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැනටත්, තෙන්නකෝන් නිලමේ මහතා හම්බන්තොට දිස්ත්රික් මනාප ලැයිස්තුවේ ප්රථමයා ලෙසත් පත් වූ මහජන නියෝජිතයෝ වෙති.