එක්සත් ජාතික පක්ෂය නැවතත් ජයග්‍රහණය කිරීමට නම් පක්ෂයේ විශාල වෙනසක් සිදුවිය යුතු යැයි ද එසේ නොමැති වුවහොත් පක්ෂය නැවත පරාජයට පත්වන බවද එක්සත් ජතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (17දා) සවස මාවනැල්ල අලුත්නුවරදී පැවසීය.
අලුත්නුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට බෝධි පූජාවකින් පසුව මාධ්‍යවේදීන් විසින් වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු මහලේකම් වරයාගෙන් විමසූ ඔහු මේ බව පවසා සිටියේය.
“ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන අපිට ගොඩාක් හිතන්න වෙනවා. අපෙන් ගිලිහී ගිය ජයග්‍රහණය නැවත ලබා ගන්න පක්ෂයේ ලොකු වෙනසක් ඇති කරන්න ඕනෑ. ඒ වෙනස කෙසේ විය යුතුද කියන එක මහජනතාව කතා කරනවා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ වෙනස් ඇති නොකර ඉදිරි මැතිවරණවලට ගියොත් නැවතත් පක්ෂය පරදිනවා”
මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර