එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට පක්ෂයේ වත්මන් නියෝජ්‍ය මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුදුසු බව පක්ෂ නියෝජිතයන් රැසක් අදහස් පළ කර තිබේ.
අරලියගහ මන්දිරයේදී අද (19දා) පැවති උත්සවයකට එක්වූ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
පක්ෂ මහලේකම් ධුරයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මේ වන විට යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.