පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්රීපාල සිරිසේන මහතාට එක්සත් භික්ෂු පෙරමුණ සහාය ලබාදෙන බව එහි ප්රධාන අනුශාසක රාමඤ්ඥ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ පැවසූහ.
ඒ වෙනුවෙන් ඉදිරියේදී දිස්ත්රික් මට්ටමින් සංඝ සමුළු සංවිධානය කරන බවත්, දිවයින පුරා පිහිටි විහාරස්ථානවල සහයෝගය ලබාගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් උන්වහන්සේ පවසා සිටියහ.