එංලන්ත මන්ත්‍රීවරැ පස්දෙනෙක් යොදාගෙන තිබූ ශ්‍රී ලංකා සංචාරයක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව 'චැනල් ෆෝ' වෙබ් අඩවිය සඳහන් කරයි. තවත් එංගලන්ත මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් කරන ලද විරෝධතාවකට අනුව අදාළ මන්ත්‍රීවරු සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයිද එම පුවත් පවසයි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ 'Foundation of Goodness' පදනම මගින් මෙම මන්ත්‍රීවරුන්ගේ සංචාරය සඳහා සියලුම පිරිවැයන් දැරීමට නියමිතව තිබුණ බවත් 'චැනල් ෆෝ' පුවත් සේවය සඳහන් කළේය.
මෙම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා තවත් ඉහළ පෙළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සමග සාකච්ඡා පැවැත්වීමට බලාපෙරොත්තුවෙන් සිටි බවත් එම පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.