ජනාධිපතිතුමාට ගමේ ගැටලූ හදුනාගැනීමට හොද ඉවක් තිබෙන බවත් පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය රාජ්‍ය සේවය තුනෙන් එකකින් හකුලා දැමීමට තීන්දු කළ බවත් වර්තමානයේ දී එය බොහෝ දෙනෙකුට අමතක වී තිබෙන බවත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ පන්නලදී රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිළධාරීන් සඳහා යතුරු පැදි බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි.
2014 අය වැය යටතේ රාජ්‍ය අංශයට පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ප්‍රකාශයට පත්කළ බවද පහසුකම් ලබාදීමේ දී ක්ෂේත්‍ර නිළධාරීන් වෙන්වෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.