අද ඌවේ ජනතාවට විකල්ප දෙකක් ඇති අතර, නොදකින මහ ඇමතිවරයෙක් සමග තවත් දුප්පත් වනවාද, නැත්නම් දකින මහ ඇමතිවරයෙක් සමග යළි පොහොසත් වනවාද යන්න එම විකල්ප දෙක බවත්, මේ විකල්ප දෙකෙන් එකක් සැප්තැම්බර් 20 වැනිදා ඌවේ ජනතාව තීරණය කළ යුතුව ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බදුල්ල, ඌවපරණගම මැතිවරණ කොට්ඨාසයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂනායකවරයා ඊයේ (11දා) මෙසේ අදහස් පළ කළේය.
ශෂීන්ද්‍ර රාජපක්ෂ කියන්නෙ කවුරුත් නොදකින මහ ඇමතිවරයායි. ඒ මහ ඇමතිවරයා ඔබ කවුුන් හෝ දැක තිබෙනවාද? මේ මහ ඇමතිවරයාත් සෝල්බරි සාමිවරයා වගේයි. සෝල්බරි සාමි ආණ්ඩුකාරවරයා වූ විට වසර පහකට වරක් ශ්‍රී ලංකාවට පැමිණ රට වටේ ගිය අතර, එවිට ඔහුව දැකීමට හැකි වුණා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිවරයාව තෙවතාවක් හෝ දුටු කෙනෙක් මෙහි සිටිනවා නම් අත ඔසවන්න යැයි කියා මා කියා සිටිනවා. කවුරුවත් දැක නැහැ.
ඒ නිසා, අද ඌවේ ජනතාවට විකල්ප දෙකක් තිබෙනවා. සැප්තැම්බර් 20 වැනිදාට පෙර ඔබ එම විකල්ප දෙකෙන් එකක් තොරාගත යුතුයි. පළමු විකල්පය නම් නොදකින මහ ඇමතිවරයෙක් සමග තවත් දුප්පත් වනවාද, නැත්නම් දෙවැනි විකල්පය වන දකින මහ ඇමතිවරයෙක් සමග යළි පොහොසත් වනවාද යන විකල්ප දෙකෙන් එකක් සැප්තැම්බර් 20 වැනිදා ඌවේ ජනතාව තීරණය කළ යුතුයි.