ඌව පළාත් සභා මැතිවරණයට අදාව කැෆේ සංවිධානය වෙත මේ වනවිට සිදුවීම් 114ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව පවසයි.
එම පැමිණිලි මොණරාගල දිස්ත්‍රික්කයෙන් 84ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 24ක් සහ වෙනත් සිදුවීම් 6ක් වශයෙන් ලැබී තිබේ.
මේ වනවිට මැතිවරණ ව්‍යාපාරය සඳහා නීති විරෝධි වාහන යොදාගැනීමේ තත්ත්වයක් දක්නට ඇති බවත්, මේ සමබන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට සහ අදාළ බලධාරින්ට දන්වා යවා ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.