ඌව පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ දූෂණ සම්බන්ධ විමර්ශන යටගැසීමට කටයුතු කරන බවට මැතිවරණ බලධාරීහු චෝදනා කරති.
විශේෂයෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට එරෙහිව මර්ණ තර්ජන සිදුකිරීමට අදාළව මෙය සිදුවන බව වාර්තා වේ.
මේ සඳහා ඌව පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයෙකුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.
නාමයෝජනා භාරදුන් අවසන් දිනයේ නිතිවිරෝධී ලෙස පෙළපාළි පැවැත්වීට සම්බන්යෙන් මෙකී අපේක්ෂකයාට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට යාමේදී මෙම නිලධාරියාට මෙම ප්රශ්නයට මුහුණදීමට සිදුවිය.