එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් බාරගන්නා දිනය මාර්තු 31 වැනිදා දක්වා කල් දැමූ බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.කේ.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අයදුම්පත් භාරගැනීම අද (06දා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණද බොහෝ පිරිස්වල ඉල්ලීමට අනුව අයදුම්පත් භාරගන්නා දිනය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවද ඔහු පවසා සිටියේය.
මේ අනුව පාසල් අයදුම්කරුවන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට මාර්තු 31 වැනිදා දක්වා අයදුම්පත් යොමුකළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් විභාග කොමසාරිස්, විභාග දෙපාර්තමේන්තුව, තැපැල් පෙට්ටිය, 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමුකළ යුතු අතර, පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් හරහා යොමු කළයුතුය.