උතුරු මහඇමතිගේ දෙමළ ජනතා සභාව නව වර්ෂය වෙනුවෙන් රැස්වෙයි. දේශපාලන පක්ෂයක් වශයෙන් නොඑන බවත් කියයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සභාපතිත්වය දරන දෙමළ ජනතා සභාව ඊයේ (16දා)සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කොට තිබිණි.
ඊයේ පැවැති දෙමළ ජනතා සභාව ඇමති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ‘දෙමළ ජනතා සභාවට මේ වනවිට යහපත් ප්‍රතිචාර මෙරට මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ලැබෙන බවයි. බොහෝ පිරිසක් දෙමළ ජනතා සභාව දේශපාලනික පක්ෂයක් වශයෙන් ජනතාව අතරට යායුතු බව සඳහන් කරන්නේ යැයිද ඔහු කීය.
නමුත් තමන් මේ වනවිටත් එවැනි තීරණයකට එළඹ නොමැති අතර, දෙමළ ජනතා සභාවට ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට සහභාගි වී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසී ඇති බවත්, දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නගා ඔවුන්ට විසඳුම් ලබාදීම දෙමළ ජනතා සභාවේ එකම ජයග්‍රහණය බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ පැවැති දෙමළ ජනතා සභාව වෙනුවෙන් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්රේමචන්ද්රන්ඇතුළුජ්යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
දෙමළ ජනතා සභාව පිහිටුවාගනු ලැබුවේ 2015 වසරේදී දෙසැම්බර් 27වැනිදා යාපනය පුස්තකාල ශ්රවණාගාරයේදීය.