බන්ධනාගාරවල නිරාහාර උපවාසයක නිරත දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා ඊයේ (15දා) ජනාධිපතිවරයාට හදිසි ලිපියක් යවා ඇත.
මෙම සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම ලබන 19 දා දක්වා ජනපතිවරයා විසින් කල් තබන ලද බව ප්‍රකාශ කරන මහ අමාත්‍යවරයා ඒ දක්වාම සිරකරුවන් පිරිස උපවාසයේ යෙදුණහොත් ඇතැම් විට ඔවුන්ගෙන් කීපදෙනෙකු මියයන්ට ඉඩ ඇතැයිද සිය ලිපියෙන් පවසයි.