නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල අද (10දා) පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් සෙසු ප්‍රදේශවල පස්වරු 02.00පසු ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතැ, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවලට මි.මි.75ක් පමණ වූ තද වැසි අපේක්ෂා කළ හැකිය.
මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.