උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ඉහළ මට්ටමේ හදිසි සාකච්ඡාවක් ඇතිවී තිබෙන බවත්, එය වසර පහක ඉතිහාසයේ දෙරට අතර ඇති වූ එවැනි ආකාරයේ දෙවැනි සාකච්ඡාව බවත් විදෙස් මාධ්‍ය පවසයි.
උතුරු කොරියානු රජයේ දෙවැනි බලවතා ලෙස සැලකෙන ජෙනරාල් හ්වාන් පියොන්ග්-සෝ මෙසේ හදිසි සංචාරයක නිරත වෙමින් දකුණු කොරියාව සමග සාකච්ඡා පවත්වා ඇති අතර, මේ අවස්ථාවේ උතුරු කොරියාව එවැනි පියවරක් ගැනීම පුදුමය දනවන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති.
දකුණු කොරියාවේ ඉන්චිඔන් නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවයට සහභාගි වීම වෙනුවෙන් හෙතෙම දකුණු කොරියාවට පැමිණියත්, මේ අතරවාරයේදී ඔහු මෙම රාජ්‍යයන් දෙක එක්සත් කිරීම භාරව කටයුතු කරන දකුණු කොරියානු ඇමතිවරයා සමග සාකච්ඡාවක නිරත වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සංචාරය සම්බන්ධයෙන් උතුරු කොරියානු දූත මණ්ඩලයේ සාමාජික කිම් යන්ග් ගොන් ගෙන් විමසූ විට හෙතෙම පවසා අතේතේ එය හදිසි සංචාරයක් වූ බවය.
මේ අතර, මෙම සාකච්ඡාවේදී ඉදිරි සති කිහිපය ඇතුළත තවත් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සඳහා දෙපාර්ශ්වය එකඟ වී ඇති බවත් වාර්තා වෙයි.
ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ දැනට මාසයක පමණ කාලයක සිට අතුරුදන්ව සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු ලැබෙන හෙයින්, මෙසේ උතුරු කොරියාව සමග සමගි සන්ධානයකට සූදානම් වන බවය.