උතුරු කොරියානු බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට පෙර සූදානමක් ලෙස ජපානය විසින් සිය හමුදා සීරුවෙන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔවුන් දිගුදුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සඳහා සූදානම් වන බවට වූ චන්ද්‍රිකා දත්ත හා බුද්ධි තොරතුරු මත ජපානය මෙම පියවර ගෙන තිබේ.
උතුරු කොරියාවේ මිසයිල පරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය දින කිහිපය තුළ සිදුවන ක්‍රියාකාරම් නිරීක්ෂණය කිරීමට ජපානය මෙන්ම, දකුණු කොරියාවද කටයුතු කරමින් සිටියි.
සිය සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම ලෙස හයිඩ්රජන් බෝම්බයක් පුපුරුවා හරිමින් පසුගියදා උතුරු කොරියාව යළිත් ලෝකය හමුවේ උදහසට ලක්විය.
මේ ආකාරයෙන් දිගුදුර මිසයිල අත්හදා බලමින් සිය යුද ශක්තිය තරකර ගැනීමට උතුරු කොරියාව කටයුතු කරන්නේ, දකුණු කොරියාව, ජපානය මෙන්ම ඇතැම් විට බටහිර රාජ්‍යයන් වූ ඇමෙරිකාව පවා ඉලක්ක කරමින් බවට විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ජපානය වෙත එල්ල විය හැක ඕනෑම ආකාරයක ප්‍රහාරයකින් මිදීමට සිය හමුදා සීරුවෙන් තබා ඇති බව ජපාන ආරක්ෂක ප්‍රධානීන් පවසයි.