ඊසාන දිග මෝසම් සක්‍රීයවීමෙන් හටගත් අයහපත් කාලගුණ තතත්වය හේතුවෙන් උතුරු මැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලට අද (15දා) රාත්රියේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා කියා සිටියේ අද (15දා) දිනය තුළදී නැගෙනහිර පළාතට හා උතුරු මැද පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණු බවයි.
ඊයේ (14දා) සිට ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ ඇති වූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඊසානදිග මෝසම සක්‍රීය වූ බව කී හෙතෙම හෙට (16දා) දිනයෙන් පසු එම තත්ත්වය පහව යනු ඇතැයි සඳහන් කළේය.