ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය බැහැර කර මිත්‍රත්වයෙන් සහ සාමූහිකත්වයෙන් රට ජයග්‍රහණය කරා ගෙන යාමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සියලු ආගමික දර්ශනයන්ගේ ඉගැන්වීම එය බව ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අද (07දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.
රටේ සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනංවනමින් සාමූහිකත්වයේන සහ අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීමේ වැඩපිළිවෙළේදී මෙවැනි ආගමික උත්සව සියලු දෙනා එක්ව සැමරීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.