ඊනියා ජාතික ආණ්ඩුවට මුවාවී ජාතික විධායක සභා රැස්වීමත් අවලංගු කරයි
ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයට මුවා වී ඊයේ (24දා) දිනයට පැවැත්වීමට තිබූ ජාතික විධායක සභා රැස්වීමද කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර දැමූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
යහපාලනය සඳහා පත්වූයේ යැයි සඳහන් කළ ආණ්ඩු ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී ජනවාරි 08 වැනිදා ජන වරමින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 27 දෙනෙකුට අමාත්‍ය ධුර පිරිනමා තිබෙන බවත්, මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විධායක සභාවේදී ප්‍රශ්න කිරීමට සැලසුම් කර තිබූ බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එහෙත් ඊයේ පැවැත්වීමට තිබී හදිස්සියේම අවලංගු කර දැමූ විධායක සභාව කඩිනමින් රැස්කිරීමට කටයුතු කළ යුතු බව පවසන ජනතා විමුක්ති පෙරමුණ එහිදී අමාත්‍ය ධුර පිරිනැමීම සහ පසුගිය කාලයේ සිදු වූ වංචා, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශ්න කිරීමට තමන් සූදානම් සිටින බවත් සඳහන් කරයි.
නව දේශපාලන වර්ධනයන්හි පෙළගැසීම පිළිබඳව නිරීක්ෂණය කර තවදුරටත් විධායක සභාව තුළ රැඳී සිටිනවාද, නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

