ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම සමලෝචනය කිරීමට ඉන්දීය නව රජය තීරණය කර ඇත.
මෙහි වෙළෙඳ ගිවිසුම 2000 වසරේ සිට ක්රියාත්මක කරනු ලැබූ අතර, මේ වනවිට දෙරට අතර වෙළෙඳාම් ඩොලර් බිලියන 05ක් ඉක්මවා ඇත.
මෙකී වෙළෙඳ ගිවිසුමට අමතරව තවත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට දෙරට අතර පසුගියදා ඉන්දීය කොංග්රස් රජය යටතේ සාකච්ඡා පැවැත්වූවද එය අසාර්ථක විය.