ඉන්දීයාව හා පාකිස්තානය අතර පැවැත්විමට නියමිත ක්රිකට් තරගාවලිය පැවැත්වීමට සඳහා ශ්රී ලංකාව තෝරාගෙන ඇති බවට නිල නොවන ක්රිකට් වාර්තා තහවවුරු කරයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත ක්රිකට් තරගාවලිය පිළිබඳව වන සාකච්ඡාවක පාකිස්තාන හා ඉන්දීය ක්රිකට් ආයතනයන්හි ඉහළ පෙළේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් ඊයේ (22දා) ඩුබායි පැවැත්වූ අතර අදාළ තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ධනාත්මකව කරුණු දක්වා ඇති බවට තොරතරු වාර්තා වෙයි.
තරගාවලිය පාකිස්තාන සත්කාරකත්වයෙන් මැදපෙරදිගදී හෝ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ඉන්දියාවේ පැවැත්විමට දෙපාර්ශ්වයම අකමැත්ත ප්රකාශ කර තිබේ. ඒ අනුව විකල්ප ස්ථාන වශයෙන් බංග්ලාදේශය හා ශ්රී ලංකාව පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබූ අතර ඊයේ සාකච්ඡාවෙන් පසුව ශ්රී ලංකාව පිළිබඳව වැඩැ අවධානයක් යොමුකර ඇති බව නොනිල වාර්තා කියයි. තරගාවලියට එක්දින තරගය 5ක් හා විස්සයි20 තරග දෙකක් ඇතුළත් වෙයි.