අදියර නවයක් යටතේ පැවති මැරතන් තරගයක් බඳු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (16දා) ආරම්භ වූ බව වාර්තා වෙයි.
පසුගිය සඳුදා (12දා) ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ අතර, පාලක කොංග්‍රසය සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂය අතර දැඩි තරගයක් මෙවර මැතිවරණයේදී පැවතුණි.
කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධ මත විමසීම්වලට අනුව භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි මීළඟ ඉන්දීය අගමැති වනු ඇති බව පැවසුවද, මෙවැනි මත විමසීම් පසුව වෙනස්වූ අවස්ථා බොහෝ පැවති බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි මෙවර 66.38% ක ඡන්දය ප්‍රකාශ කිරීමක් පැවති අතර, අපේක්ෂකයන් 8,251ක් තරග බිමේ පසුවිය.
සති පයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණය ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය ලෙස සැලකෙයි.