ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 37 දෙනා නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන් හා ඊයේ (12දා) පැවැති සාකච්ඡාවකදී මේ බව ජනපතිවරයා ඉන්දීය ධීවර නියෝජිතයින්ට දැනුම් දී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එසේ වුවත් මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම පිළිබඳව ජනපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.