තලෙයිමන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම් මහේස්ත්රාත් කේ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
නාවික හමුදව විසින් මෙම ධීවරයන් ධීවර යාත්රාවද සමග අත්අඩංගුවට මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාලය වෙතට භාරදී තිබූ අතර, මන්නාරම් ධීවර පරීක්ෂක නිලධාරීහු ඔවුන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කළහ.