ඉන්දියාවේ ගෑස් නළයක් පිපිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වූ අන්ද්‍රා ප්‍රදේශ් හි ගෙයිල් ගෑස් සමාගමේ ගෑස් රැගෙන යන නළ පද්ධතියක අද (27දා) අලුයම් කාලයේදී මෙම පිපිරීම ඇතිවී තිබේ.
එමෙන්ම, මෙම පිපිරීමෙන් තවත් 15 දෙනෙකුවත් තුවාල ලබන්නට ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම පිපිරීමට හේතුව තවම තහවුරු වී නොමැති බවද පැවසෙයි.
ගෙයිල් ගෑස් සමාගම යනු ඉන්දියාවේ ස්වභාවික ගෑස් නිෂ්පාදන කිරීමේ හා බෙදාහැරීමේ ප්‍රමුඛතම රජයේ සමාගමකි.
එම සමාගමේ සභාපති බී.සී. තිරිපති එරට පී.ටී.අයි. පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ පිරිපහදුවක් ආසන්නයේ අඟල් 18ක ගෑස් නලයක මෙම පිපිරීම සිදුව ඇති බවයි.