ඉන්දීය ධීවරයන් විසින් ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට ධීවර සංගම් නියෝජිතයෝ කළ ඉල්ලීම උතුරේ ධීවර සමිති සංගම් ඊයේ (19දා) ප්‍රතික්ෂේප කොට තිබේ.
මේ පිළිබඳව කළ විමසීමේදී උතුරු ධීවර සංගමයේ අනුශාසක විනයාගමූර්ති සහාදේවන් මහතා මෙසේ පැවසීයෙ
"ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කොට කිසිදු විසඳුමක් ලබාගැනීමට නොහැකිවූ මෙම ප්රශ්නය සාමාන්‍ය ධීවර සමිති නායකයන් විසින් සාකච්ඡා කොට විසඳුමක් ලබාගැනීම කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි නිසා එම ආරාධනය අප ධීවර සංගම් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා" යැයි පැවැසීය.