ඉන්දිය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා දින 04 ක සංචාරයක් සඳහා අද (15දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් ඉන්දීය ගුවන් හමුදාපතිවරයා බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී පිළිගන්නා ලදි.
ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් පිරිසක් නිල වශයෙන් හමුවීමටද නියමිතය.