දිවයින අවට පහළ වායුගෝලයේ පවතින සුළං අභිසාරී වීම සහ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වලාකුළින් බර අහස සහ වැසිබර කාලගුණ තත්ත්වයක් හා ඉදිරි පැය 24 තුළ තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම, දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100ට වැඩි) ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී අනෙක් පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.