ඉදිරි දින කීපයේදී මම ලංකාවට එනවා
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සතියේ මුල් දින කීපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
පොලීසිය තමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය බවට අධිකරණයෙන් ගත් නියෝගයක් තමාගේ ගම්පහ, ඔරුතොට කාර්යාලයට බාර දී ඇති බවත්, එය තමාගේ අනුදැනුම මත බාරගත් බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව තමා අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා ඉදිරි දින කීපය තුළදී ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වන බවත් බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට දුරකථනය ඔස්සේ 'අද' සමග සම්බන්ධ වෙමින් කියා සිටියේය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුව තිබෙන බව කියවෙන මූල්‍ය වංචා පිළිබඳව සෙවීම සඳහා මහා පරිමාණ දූෂණ වංචා, පිළිබඳව සොයාගැනීමට පත්කර තිබෙන පොලිස් මූලස්ථානයේ පිහිටුවා තිබෙන 'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය' හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බවත්, ඔහුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා කඩුවෙල අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

