ඉදිරි දින කිහිපයේදීත් සැලකිය යුතු වර්ෂාපතනයක් දිවයින පුරාම දැකගත නොහැකි වනු ඇති බවත්, පෙබරවාරි මාසයේ දැකිය හැකි මෙම වියළි කාලගුණික තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය ‘අද’ට පවසා සිටියාය.
“පෙබරවාරි මාසය සාමාන්‍යයෙන් වැස්ස අඩු කාලයක්. මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළම සැලකිය යුතු වර්ෂාපතනයක් දිවයින පුරාම දැකගැනීම අපහසුයි. මේ තත්ත්වය වැඩිපුරම දැනීමට හේතුව ඔක්තෝබර් නොවැම්බර් මසවල නියමිත වර්ෂාපතනය නොලැබීමයි. ඒ නිසා වර්ෂාව අඩු බවක් විශාල වශයෙන් දැනෙනවා. සාමාන්‍යයෙන් වසරකට ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනයෙන් 30%ක් පමණ ඔක්තෝබර් නොවැම්බර් මාසවල ලැබුණත්, පසුගිය වසරේදී ඒ වර්ෂාපතනය අඩුවුණා. වර්ෂාපතනය අඩුවීම මේ පෙබරවාරි මාසයේදී දැඩිව දැනෙන්නට හේතුව එයයි. එසේ නොමැතිව, පෙබරවාරි යනු සාමාන්‍යයෙන් වර්ෂාපතනයක් දැකිය හැකි මාසයක් නොවෙයි.” අනූෂා වර්ණසූරිය මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා මහවැලි සහ කළු ගංඟාවන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහළ යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දී තිබේ. මේ නිසා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටියි.