යහපාලන ආණ්ඩුව තවදුරටත් පැවතුණහොත් මේ රටේ ඉතිරිවන්නේ ඇටසැකිලි ගොඩක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ බත්තරමුල්ල තලංගම පිහිටි සමෘද්ධි සංවර්ධන හා සමස්ත ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (20දා) පෙරවරුවේ පැවැති නියෝජිත හමුවේදීය.
තමාගෙන් පාලනය උදුරාගෙන ගත වූ මාස 07 තුළදී රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටී තිබෙන බවත්, ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියේය.