සාදයකට සහභාගි වී ඊයේ (29 දා) අලුයම් කාලයේ ආපසු සිය නිවෙස් කරා යමින් සිටියදී ඉතාලියේ තකානියා අධිවේගී මාර්ගයේ දරුණු අනතුරකට භාජනයවු මෝටර් රථයක සිටි ශ්රී ලාංකික යුවලක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි එරටින් ලැබෙන තොරතුරුවලින් වාර්තාවෙයි.
මෙසේ මියගොස් ඇත්තේ චතුර රසාංග නමැති 27 හැවිරිදි අයෙකු හා ඔහුගේ බිරියයි.මියගිය රසාංගමීට වසර හතරකට පමණ කලින් ඉතාලියේ සේවයට ගොස් ඇත.පසුව ඔහු මෙරට තරුණියක විවාහ කරගෙන ඇයවද ඉතාලියට ගෙන ගොස් තිබේ.
අනතුර සිදුවූ සැණින් එරට පොලීසිය හා ගිනි නිවන අංශවල නිලධාරීන් පැමිණ රථයේ සිර වී සිටි යුවළ පිටතට ගෙන ඇතත්, ඒ වන විටත් ඔවුන් මියගොස් තිබූ බව වාර්තාවෙයි. අනතුරටහේතුව රථයේ අධික වේගය බව සඳහන්වෙයි.
හලාවත සුපුන් හංසන