ඉතාලි භූ කම්පනයෙන් පසු රාජ්‍ය අවමංගල උත්සව අදයි
ජීවිත හානි 300කට ආසන්න ප්‍රමාණයක් බිලි ගනිමින් පසුගියදා ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය අය වෙනුවෙන් පවත්වන රාජ්‍ය අවමංගල්‍ය උත්සව අද (27දා) පැවැත්වීමට නියමිතය.
ඉතාලි අග්‍රාමාත්‍ය මෙට්ටියෝ රෙන්සිගේ මූලිකත්වයෙන් මෙම අවමංගල උත්සව පැවැත්වෙන අතර, අග්‍රාමාත්‍යවරයා භූ කම්පනයෙන් දැඩි හානි සිදුවූ අර්කුටා හි අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වීමට නියමිතය.
මේ අතර භූ කම්පනයෙන් දැඩි බලපෑමකට ලක්වූ ප්‍රදේශ වෙත පනවා ඇති හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, සිදුව ඇති දේපොළ යළි ගොඩනැගීම සඳහා යූරෝ මිලියන 50ක් ලබාදීමට අගමැතිවරයා දැනටමත් පොරොන්දු වී ඇත.
ඉතාලිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති මරණ සංඛ්‍යාව 278ක් ලෙස කියවුණත්, පසුගිය බදාදා රාත්‍රියේ සිට මුදාගැනීමේ කණ්ඩායම් වෙත කිසිදු ජීවග්‍රහණයෙන් කිසිවෙකුත් සොයාගැනීමට නොහැකි විය. මේ නිසා අතුරුදන් පිරිස් තවදුරටත් සිටින නිසා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව පැහැදිලිය.
තත්ත්වය මෙසේ වුවත්, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකිරීමට ඉතාලි රජය තීරණය කර ඇත්තේ අතුරුදන් පුද්ගලයන් රැසක් සිටින නිසාය.
මෙම භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති වැඩි දෙනා ඉතාලි ජාතිකයන් වන අතර, ඒ අතර විදේශිකයන් කිහිප දෙනෙකුද වෙති.
එමෙන්ම, රික්ටර් පරිමාණ 6.2ක ප්‍රධාන භූ කම්පනයෙන් පසුව ඇති වූ පසුකම්පන හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අතිශය දුෂ්කර වූ බවත්, එහිදී එක් සහන සේවකයෙකු බරපතල තුවාල ලැබූ බවත් ඉතාලි බලධාරීන් පවසයි.
එමෙන්ම, භූ කම්පනය නිසා තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 388ක් ලෙස ගණන් ගැනෙන අතර, 2,000කට උන්හිටි තැන් අහිමි වී තිබේ.
මේ අතර, ඉතාලියට අවශ්‍ය හදිසි සහනාධාර යැවීමට ආසන්න යුරෝපීය රටවල් රැසක් දැනටමත් කටයුතු කරමින් සිටින අතර, විශේෂයෙන්ම අවතැන් වූවන්ට තාවකාලික රැඳවුම් සකසා දීම මේ වනවිටත් ඇරඹී ඇති බව කියයි.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

