ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ඉංගිරිය ප්රදේශයේදී පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු මිය යාමත්, තවත් තරුණයෙකු බරපතළ තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත්වීමත් හේතුවෙන් ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යවා තිබේ
සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන්ගේ සේවයද අත්හිටුවා ඇත.