අක්ෂි රෝගවලින් පීඩා විඳින ජනතාව සුවපත් කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමට මඩකලපුවේ සිට කොළඹ දක්වා පවත්වන පාගමන හෙට (26දා) උදෑසන මඩකලපුව නගරයෙන් ආරම්භ වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන මගින් සංවිධානය කරන මෙම පාගමන මගින් එක්රැස් කරන අරමුදල් ජංගම අක්ෂි සායන රථයක් මිලදී ගැනීමට සහ අක්ෂි කණ්ණාඩි කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ කිරීමට යෙදවීමට සැලසුම් කර තිබේ.
පාගමන සඳහා දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, මඩකලපුවෙන් ආරම්භ කරන පාගමන කොළඹ ජාතික අක්ෂි රෝහල අසලින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.