ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පැවරීම හොඳ දෙයක් බව වමේ දේශපාලන නායකයෝ අද (16දා) ප්‍රකාශ කළහ.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් තිස්ස විතාරණ. වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර, රාජා කොල්ලුරේ යන මහත්වරුන් සඳහන් කළේ පෞද්ගලික අංශයට එම සමාගම පැවරුවහොත් එය කෙසේ පවත්වාගෙන යන්නේදැයි ගැටලුවක් මතුවන බවයි.
මෙරට රජයට ලැබිය යුතු ආදායමක් එහිදී විදේශයන්ට ඇදීයාමට ඉඩ තිබෙන බවද ඔවුහු පවසා සිටියහ.