ඇඹිලිපිටිය, නවනගරයේ නිවසක සාදයක් අතරතුරදී පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් මියගිය තරැණයාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය. ඒ ඇඹිලිපිටිය, නවනගරයේ පොදු සුසාන භූමියේදීය.
මෙම සිද්ධියෙන් පසු තවමත් ඇඹිලිපිටිය නගරය හා ඒ අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබේ.
මේඅතර තරුණයාගේ මළ සිරුර ඇඹිලිපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටට රැගෙන නොයන ලෙස දන්වමින් ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය මියගිය තරුණයාගේ බිරිඳට අධිකරණය නියෝගයක් නිකුත් කලේය.