දැනට දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩබලන වී.ඒ.පී. ආරියරත්න මහතා වෘත්තීය සමිති සමග යම් ගනුදෙනුවක් ඇතැයි සිතෙන බවද, ඔහු හුරතල් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඉකුත් සමයේ සිදුවූ දුම්රිය අනතුරු දෙස බැලීමේදී සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් වගකීම නිසිපරිදි ඉටුකර නැතැයි පැහැදිලිවන බැවින් වැඩකළ හැකි පිරිසක් තනතුරුවලට පත්කර ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමුකළ බවද අමාත්‍යවරයා කීය.
අද දහවල් ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම අදහස් දැක්වූ අතර, ඒ සඳහා වී.ඒ.පී. ආරියරත්න මහතාද එක්ව සිටියේය.
ආරියරත්න මහතා මෙහිදී සඳහන් කළේ තමන් තනතුරු ඉල්ලා පස්සෙන් නොගිය බවත්, ඇමතිවරයාට තමාට කතාකොට මෙම තනතුර ලබාදුන් බවත්ය.