වත්මන් අමාත්‍ය මණ්ඩලය ඌරු කොටුවක් බවත්, එහි සිටින බොහෝදෙනා කුණු කමින් අසූචි තවරාගෙන සිංහයන්ට අභියෝග කරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අමාත්‍ය ධුරය අතහැර සිරගත වීමට සූදානම් විය යුතු බවටත් බොදුබල සේනාව අභියෝග කර සිටියේය.
බොදුබල සේනාවේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ආරක්ෂක රථ ආධාර කරගනිමින් නාගරික මන්ත්‍රීවරයෙකු බී.එම්.එඩ්ලිව්. මෝටර් රථයක් මගින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවයි.
පුත්තලමේ සිටින ඉස්මත් නමැත්තා සමග එක්ව රාජිත අමාත්‍යවරයා මුහුදු කූඩැල්ලන් අපනයනය කරන බවත්, කුඩු ව්‍යාපාරයේ සිටින අමාත්‍යවරුන්ගෙන් එක් අයෙක් රාජිත අමාත්‍යවරයා බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
ධීවරයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ධීවර ජනතාව මහමඟට ඇද දමා, ඇමතිකමේ නාමයෙන් මහා හොරකම් රැසක් කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳ සියලු තොරතුරු අදාළ අංශ වෙතට ලබා දී ඇති බැවින් ඔහුට නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් සිතන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මේ පිළිබඳව රහස් පොලීසියට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට හා ජනාධිපති විමර්ශන කමිටුවට තොරතුරු ලබා දී ඇති බැවින්, ඔවුන් ක්‍රියාත්මක වුවහොත් දින තුනක් වැනි කෙටි කාලයකදී රාජිත අමාත්‍යවරයාගේ දූෂණ, වංචා ක්‍රියා හෙළිකරගත හැකි බවද ඥානසාර හිමියෝ පැවසූහ.