ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීම කණගාටුවට කරුණක් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සමහර දේශපාලනඥයින්ගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් නිවෙස්වලදී පවා සිදු කෙරෙන බවයි. එවැනි තත්ත්වයකදී ඇන්ජලෝ මැතිව්ස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීම ගැටළුකාරී තත්ත්වයක් බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි.
“මම හැම වෙලාවෙම කියන්නේ වැරැද්දක් කරලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න ඕන. නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ ළඟ එන අවස්ථාවක ඇන්ජලෝ මැතිව්ස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීම කණගාටුවට කරුණක්. ක්‍රීඩා අමාත්‍යවරයාත් ක්‍රිකට් ආයතනයත් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රශ්නයක්. ක්‍රිකට් නායකයා ප්‍රශ්න කිරීම කළ යුතු නම් ඔහුගේ ගෙදර ගිහිල්ලා ඒක කරන්න තිබුණා. අපි දන්නවා සමහර දේශපාලනඥයින්ගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කිරීම් කරන්නේ ගෙදරට ගිහිල්ලා වහගෙන. නමුත් ක්‍රිකට් නායකයාගෙන් එහෙම නැහැ. එයින් පිටරටට දෙන පණිඩිඩය එතරම් හොඳ නැහැ. පිටරට අයට පේන්නේ අපේ ක්‍රිකට් නායකයාත් දූෂණ චෝදනාවලට ගෙනියනවා කියලා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහකා පැවසුයේ යාපනයේ පැවති සේව්ද ස්පෝර්ට්ස් පුහුණු කඳවුරට එක් වෙමිනි.