ආසියාවේ රටවල් 19 ක සභාගීත්වයෙන් සිංගප්පුරුවේ පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රීදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකාවට එහි 08 වැනි ස්ථානය හිමි විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂන තිලකරත්න රීදි පදක්කමක්ද, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඒෂා ජලීල් ලෝකඩ පදක්කමද දිනා ගත්හ.
එමෙන්ම තවත් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සිය වයස් කාණ්ඩවල ආසියාවේ හොඳම දස දෙනාට හිමි පදක්කම් දිනූහ.
රන් පදක්කම් 06ක්, රීදි පදක්කම් 04ක් එක් ලෝකඩ පදක්කමක් සමග පදක්කම් 11ක් දිනූ පිලිපීනයට තරගාවලියේ ප්‍රථම ස්ථානයද රන් පදක්කම් 05ක් සහ පදක්කම් 19 දිනූ ඉන්දියාවට දෙවැනි ස්ථානයත්, රන් පදක්කම් 04ක් රීදි පදක්කම් 02ක්, ලෝකඩ පදක්කම් 04ක් සමග පදක්කම් 10ක් දිනූ මොන්ගෝලියාවට තෙවැනි ස්ථානයද හිමි විය.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත