තලංගම ප්රදේශයේ තලංගම උතුර ධර්මාශෝක මාවතේ නිවසකට යාබදව ඉහළින් පිහිටා තිබූ නිවසේ ආරක්ෂාව සදහා ඉදිකර තිබූ කලුගල් බැම්මක් කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් පස්වලට යට වී මියගොස් තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් මෙම ගල්බැම්ම කඩා වැටී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බැම්ම ඉදිකළ බව කියන නිවසේ අයිතිකරු වනවෛද්යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.