ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නෙවාඩා හි පැවති රැලියකදී මතුවූ ආරක්ෂාවේ හිදැසක් නිසා ඔහු වහා වේදිකාවෙන් ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශවලට සිදුවිය.
රැලියට පැමිණ සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් මතුවූ සැකයක් මීට හේතු වූ අතර, ඔහු වෙඩි තියන්න යනුවෙන් කෑ ගැසූ බවත්, මේ තත්ත්වය සමග ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් ට්‍රම්ප් ආරක්ෂිතව වේදිකාවෙන් ඉවත්කළ බවත් පැවසුණි.
මෙම පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු ළඟ තිබී ආයුද කිසිවක් හමු වී නොතිබුණි. ඔහු පසුව පවසා තිබුණේ තමා ට්‍රම්ප් විරෝධී පෝස්ටරයක් ඔසවද්දී රැස්ව සිටි පිරිසෙන් එල්ල වූ බාධා නිසා උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි.
ඇමෙරිකානු ඡන්ද සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් වෙත මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිට නොයෙක් බාධා පැමිණවීම් සිදුවූ අතර, ඊට ප්‍රධාන දහරාවේ මාධ්‍යවලින්ද පෝෂණය ලැබිණි.
කෙසේ වෙතත්, මැතිවරණය සඳහා දින කිහිපයක් තිබියදී ට්‍රම්ප් සිය ශක්තිය පෙන්වමින් ඉදිරියට පැමිණෙන විට මෙවැනි බාධා කිරීම් පුදුමයක් නොවන බවද ට්‍රම්ප් හිතවත්හු පවසති.
මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් යන දෙදෙනාම ජනපතිවරණ සටනේ තීරණාත්මක ප්‍රාන්තය වූ ෆ්ලොරිඩාහි දී ප්රචාරක රැළි පවත්වා තිබුණි. එහිදී, ඩිමොක්රටික් බල කඳවුරු ලෙස සැලකෙන ප්‍රාන්තවල සිය ශක්තිය පෙන්වීමට ට්‍රම්ප් සූදානමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.