ලංකාවට පැමිණ තිබෙන පාකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (යුද හමුදාපති) ජෙනරාල් රහීල් ෂෙරීෆ් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (08දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාකිස්තානය මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීම සහා ලබාදුන් අඛණ්ඩ සහාය පිළිබඳ විශේෂ ඇගයීමක් සිදුකරන ලදී.
පාකිස්තානු හමුදාපති ජෙනරාල් රහීල් ෂෙරිෆ් මහතා එහිදී කියා සිටියේ, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ලබාදෙන පුහුණු ඉඩප්රස්ථා වැඩි කිරීමට ඉදිරියේදී තවදුරටත් පියවර ගන්නා බවයි.
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා මෙන්ම ත්‍රස්තවාදී කටයුතු අඩපණ කිරීම සඳහාත් දෙරට අතර ආරක්ෂක අංශ බැඳීම් තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා මෙන්ම පාකිස්තානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ පාකිස්තානයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් මහතාද සහභාගි වූහ.
මෙම අවස්ථාව සිහිපත් වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පාකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.