කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළදී ආයුධයක් සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට ප්‍රචාරයක් දියත් වුවද, එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉතාලි සංචාරය නිමාකර කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවට ප්‍රචාරයක් දියත් වුවද, එම ප්‍රචාර අසත්‍ය බව එම අධිකාරිය පවසයි.
සිදුව තිබෙන්නේ ගුවන් තොටුපළ තුළ තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් උපාය දූතයන් යොදවා පරීක්ෂා කිරීමේදී උපාය දූතයෙකු සතුව තිබූ ආයුධයක් නොවන උපකරණයක් සොයාගැනීම පමණක් බව එම අධිකාරියේ අධීක්ෂණ ජෙනරාල් එච්.එම්.ඩී. නිමල්සිරි මහතා සඳහන් කළේය.
එම මෙහෙයුමද සිදුකළේ ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයූ නිලධාරීන් ගුවන්තොටුපළින් නික්ම ගිය පසු බවද හෙතෙම පවසා සිටියේය.