ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙහවර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පියවර ගෙන ඇතැයි එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්ද සංගරී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
යාපනයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහභාගීත්වයකින් පැවැති රැස්වීමකදී ඒකමතිකව මෙම තීරණය ගත් බවද ආනන්ද සංගරී මහතා ප්‍රකාශ කොට ඇත.