නිල්ගල හා රතුගල ආදීවාසී නායකයන් වන දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නියා සහ දානිගල මහබණ්ඩාරලාගේ හේමපාල යන ආදී වාසි නායකයෝ පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ කථානායක කරු ජයසුරිය මහතා හමුවුහ.
ආදීවාසී අන්යතාවයන් සුරක්ෂිත කරන ලෙස මෙහිදී ඔවුන් කථානායකවරයාගෙන් ඉල්ලමින් විශේෂ සංදේශයක් ද භාර දුන් අතර මහබණ්ඩාර පරපුරේ මුතුන් මිත්තන්ගේ සමරු සටහන් අඩංගු විශේෂ ඡායාරූප එකතුවක් ද ආදී වාසී නායකයෝ කථානායකවරයා වෙත තිලිණ කලහ.
කථානායකවරයා විසින් පිරිස වෙත දිවා භෝජනයක් ද පිරිනමණ ලදී.