වර්තමාන ආණ්ඩුව කියන දේ හා කරන දේ අතර පරස්පරයක් පවතින බවත්, වර්තමානයේදී ජනතාව ඒ පිළිබඳව දැනුම්වත් බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කරන්නේ තරු පහේ ප්රජාතන්ත්රවාදයක් හෝ ජනහිතකාමී බවක් වත්මන් ආණ්ඩුවේ නොමැති බවයි.
“සන්ධාන ආණ්ඩුවත්, එහි නායකකාරකාදීනුත් පුන පුනා කියා සිටින්නේ තමන් තරු පහේ ප්රජාතන්ත්රවාදයක් වෙනුවෙන් කැප වී සිටින බවයි. මේ රට ‘කේතුමතී රාජ්‍යයක්’ බවට පරිවර්තනය කිරීමට පේවී සිටින බවයි. ආණ්ඩුව මේ සඳහා සද්භාවයෙන්ම කැපවී පේවී සිටින්නේ නම් අපට මේ තරම් මහජන මුදල් නාස්ති කිරීම්, දූෂණ, වංචා, අවනීතිය රජ කරවීම් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ නැත” යනුවෙන් කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.